සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආන්යාගමීකරණයට ලක්කිරීමේ මෙහෙයුමක නිරතවූ පුද්ගලයින් සිව්දෙනෙකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. මෙම පුද්ගලයින් අතර කාන්තාවන් දෙදෙනෙකුද වන අතර ඔවුන් මේ වන විට මිරිහාන පොලීසියේ රඳවාගෙන ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවද පොලීසිය පැවසුවා.
ඔවුන් ශ්‍රී ජයවර්ධනපුර සරසවිය ආසන්නයේ ආගමික ප්‍රචාර කටයුතුවල නියැලෙමින් සිටියදී අල්ලාගෙන පොලීසියට බාරදුන් බවත් ඔවුන් කුමන නිකායකට අයත්දැයි හෙළිනොවූ බවත් සුනේත්‍රාදේවි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙනුවෙන් අදහස් දැක්වූ පූජ්‍ය මහමීතව පඤ්ඤාරතන හිමියන් පවසනවා. මේ සම්බන්ධයෙන් සරසවි පාලනාධිකාරියද දැනුවත්ව සිටිය යුතු බව උන්වහන්සේ කියා සිටියා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.