2012-03-07

සුර සැපත් සමග සදාකාලික නින්ද


පානදුර හිරණ බොල්ගොඩ ගඟ අසල අලුත් පාලම ආසන්නයේ පිහිටි නිවාඩු නිකේතනයක රැය පහන් කරමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 32 හැවිරිදි මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ 48 හැවිරිදි කාන්තාවක් සමග එම නිවාඩු නිකේතනයේ රැය පහන් කරමින් සිටියදී ඇයගේ තුරුල්ලේම බවයි වාර්තා වන්නේ. 

මෙලෙස මියගිය පුද්ගලයා අනුරාධපුර ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙක් බව ඔහුගේ ජාතික හැඳුනුපත පරීක්ෂා කිරීමෙන් පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා. අදාළ කාන්තාව වාද්දුව මොල්ලිගොඩ ප්‍රෙද්ශයේ අයෙක් බවද අනාවරණ වුණා. 
ඔවුන් දෙදෙනා ඊයේ රාත්‍රී හිරණ බොල්ගොඩ ගඟට නුදුරින් පිහිටි නිවාඩු නිකේතනයක රාත්‍රීය ගත කර ඇත. උදෑසන කාමරයේ සිටි කාන්තාව තමා සමග සිටි පුද්ගලයා මියගොස් ඇති බව නිවාඩු නිකේතනයේ කළමනාකරුට දන්වා ඇත. සිද්ධිය ගැන පානදුර පොලීසිය පරීක්ෂණ පවත්වන අතර අදාළ කාන්තාවගේ කටඋත්තරය කෙරෙහි දැඩි අවධානයක් යොමු වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසනවා. මෘත දේහය පානදුර මෘත ශරිරාගාරයේ තබා තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.