2012-03-24

මස්සිනා මස්සිනා මරයි


පන්නල, ලිහිනියාගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසනවා. අදාළ පුද්ගලයාගේ නැගණියගේ ස්වාමිපුරුෂයා විසින් ඝාතනය සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා. පුද්ගලික අමනාපයක් දුරදිගයාමෙන් ඝාතනය සිදුව ඇති අතර අදාළ අවස්ථාවේ දෙදෙනාම බීමත්ව සිට ඇති බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (24) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.