අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බෙල්ජියම් ජාතික ස්වාධින සිනමාකරුවකු හා ඔහුගේ පෙම්වතිය වන ප‍්‍රංශ ජාතික තරුණියක මීගමුවේ පිහිටි හෝටලයක කාමර අඩස්සියේ තබාගෙන ප‍්‍රශ්න කරමින් සිටින බවත්ග අදාළ විදේශ යුවළ ඇසුරු කළ පුද්ගලයකු ගෙන්වා ප‍්‍රශ්න කරමින් සිටින බවත් වාර්තා වේ.
වාර්තා වන ආකාරය විදේශ යුවළ සිටින කාමරය අවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රැකවල්ලා සිටින අතර ඔවුන්ට හෝටල් කාමරයෙන් පිටවීම තහනම්ය.
විදේශ යුවළ සතු ඩීවීඩී තැටි සියල්ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති අතර එම දර්ශනවල සිටින ශ‍්‍රී ලංකාවේ සමාජ ක‍්‍රියාකාරීකයන්ගෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කරමින් සිටීයි. මේ පිළිබඳව කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම විදේශිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඔවුන් ලැගුම් ගෙන සිටින ස්ථානයට ගොස් ඔවුන් ප‍්‍රශ්න කිරීම පමණක් කළ බවත්ය.
ඔවුන් පිළිබඳව තමන්ට යම් ආකාරයක තොරතුරක් ලැබුණු බවත් ඒ මත අදාළ ප‍්‍රශ්න කිරීම් කළ බවත් මෙම පුද්ගලයන් දෙදෙනා සංචාරක වීසා උපයෝගී කෙටගෙන ලංකාවට පැමිණි බවත් එවැනි සංචාරක වීසාවලින් ලංකාවට පැමිණි අයට චිත‍්‍රපට නිර්මාණය වැනි ව්‍යාපාරික කටයුතුවල නිරත විය නොහැකි බවත් පොලිස් අධිකාරිවරයා පවසා ඇත. අදාළ සිද්ධිය මත ඔවුන් සතුව තිබූ ඩීවීඩී තැටි කිහිපයක් තමන් ගත් බවත් මෙම ඩීවීඩී තැටිවලින් පරීක්ෂණ කටයුතු කරන බවත් මෙම ඩීවීඩී තැටි හැරෙන්නට ඔවුන්ගෙන් වෙන කිසිවක් නොගත් බවත් ඔහු පවසා තිබේ.
Source : Ravaya Paper
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.