2012-03-09

උතුරට හොරෙන් වාහන එංජින් අද්ද දෙන්නෙක් මාට්ටු


පුලියන්කුලමල රාමනූර් ප්‍රදේශයේදී පුදුකුඩුඉරුප්පු සිට වව්නියාව දෙසට ධාවනය කල කන්ටේනර් ලොරි රථයක් පුලියන්කුලම පොලිස් ස්ථානයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කෙරුණා. එහි තිබී බස් රථ එන්ජිමක්, ටාටා ලොරි එන්ජින් දෙකක්, ඉසුසු ලොරි එන්ජිමක්, ඩෝසර් එන්ජිමක්, හයිඩ්‍රොලික් ට්‍රැක්ටර් එන්ජිමක්,
බෝට්ටු එන්ජිමක්, මෝටර් සයිකල් එන්ජින් දහඅටක් ඇතුලු මෝටර් රථ අමතර කොටස් තොගයක් සොයා ගත් බව පුලියන්කුලම පොලිසිය සඳහන් කරනවා.
රියදුරු සහ රිය සහායක මේ සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. පුලියන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.