2012-03-07

උතුරු මැද මහ ඇමැතිට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග


උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් සිව් දෙනෙකුට ලබන 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනාධිකරණය නියෝග කර තිබේ. සියලු මූලික අවශ්‍යතා සපුරා තිබියදී කැකිරාව අලුත්දෙන්නෑම මුස්ලිම් විද්‍යාලය විවෘත නොකර සිටීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ
පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේ අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.
නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ සරත් එදිරිසිංහ යන ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී මෙම නියෝගය ලබා දී තිබේ. කැකිරාව, අලුත්දෙන්නෑම මුස්ලිම් පාසලට දරුවන් ඇතුළත් කිරීමට අපේක්ෂිත පියවරුන් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.
උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට අමතරව, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ආනන්ද කුලරත්න, පළාත් අධ්‍යාපන අමාත්‍ය නිර්මලා ඒකනායක, කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.යූ. ජයලත් යන මහත්ම මහත්මීන් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.