ශී‍්‍ර ලංකා රූ රැජින (2006) සහ ජනපි‍්‍රය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගේ රංගන දිවිය නව තලයකට යාමට නියමිත බව වාර්තා වනවා. ඊට හේතුව ඇයට හොලිවුඞ් රිදී තිරයට එක්වීමට ආරාධනාවක් ලැබී තිබීමයි. ජේම්ස් සිම්ප්ස්න්ගේ මංගල අධ්‍යක්ෂණය වන ‘ඩෙෆිනීෂන් ඔෆ් ෆියර්’
නම් චිත්‍රපටයේ රඟපෑම සඳහා ඇයට ආරාධනා ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජැකලින් පවසා ඇත්තේ තමාට මේ සඳහා ආරාධනයක් ලැබුණු නමුත් එය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බැවින් ඒ පිළිබඳව නිල වශයෙන් පසුව පවසන බවත්ය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.