2012-03-31

මනිෂා ආයෙත් වැඩ පටන් ගනියි


සුප‍්‍රකට බොලිවුඞ් නිළි මනීෂා කොයිරාල නැවතත් බොලිවුඞ් චිත‍්‍රපටවල රගපෑමට සූදානමින් සිටිනවා. ඒ දීර්ඝ නිවාඩුවක් දීර්ඝ නිවාඩුවක් අවසන් කරමින් යළි රංගන ක්ෂේත්‍රයට එක්වූ මනිෂාට මේ වනවිට චිත‍්‍රපට තුනක් සදහා ආරාධනා ලැබී ඇති බව පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඇය පවසා තිබෙනවා.
අදාළ අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකවරු ඒ පිළිබද නිවේදනයක් කර නොමැති බැවින් මෙම චිත‍්‍රපට පිළිබද තමන්ට ප‍්‍රකාශයක් කළ නොහැකි බවයි ඇයි පවසන්නේ.
ඒ වගේම ඇය මේ වනවිට එයින් චිත‍්‍රපට දෙකකම තිර පිටපත් කියවා ඇති අතර ඒවා සදහා එකඟ වී ඇති බවත් වාර්තා වනවා.
1942 ලව් ස්ටෝරි, කමෝෂි, බොම්බේ, දිල්සේ, සිර්ෆ්, පයිසා වසූල් වැනි චිත‍්‍රපට සමග සම්මානනීය නිළියක් බවට පත්වූ මනීෂා මේ වනවිට 42 වන වියේ පසු වනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.