2012-03-31

අරක්කු බියර් එක්කම වාහන මිලත් ඉහළට


මත්පැන් සහ වාහන සඳහා බදු මුදලක් පැනවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ආනයනික බියර් ලීටරයක් සඳහා රුපියල් 50ක්ද දේශීය බියර් වර්ග සඳහා රුපියල් 5ක් සහ සියළුම සැර මත්පැන් වර්ග ලීටරයක් සඳහා රුපියල් 60ක බදු මුදලක්ද පනවා ඇතැයි වෙළඳ අමාත්‍යාශය නිවේදනය කරනවා.
එසේම අද සිට ක‍්‍රියාත්මක වන පරිදි කාර්, තී‍්‍රරෝද රථ සහ මෝටර් බයිසිකල් සඳහාද විශේෂ බදු මුදලක් එක් කරන බව එම අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව නිෂ්පාදන බද්ද ඉහළ යාමත් සමග සිලින්ඩර ධාරිතාව 2000ට අඩු දෙමුහුම් මෝටර් රථ සඳහා බදු ප්‍රතිශතය 51‍% සිට 60% ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
සිලින්ඩර ධාරිතාව 2000 ට වැඩි දෙමුහුම් මෝටර් රථ සඳහා අයකෙරෙන බද්ද 75‍% සිට 100%දක්වාත් සිලින්ඩර ධාරිතාව 3000ට වැඩි දෙමුහුම් මෝටර් රථ සඳහා 100%ක්ව පැවති බදු ප්‍රතිශතය 125‍ %දක්වාත් ඉහළ දැමෙනු ඇති.
මීට අමතරව සිලින්ඩර ධාරිතාව 1000 ට අඩු පෙට්‍රල් කාර් සඳහා නිෂ්පාදන බද්ද 85‍% දක්වා ඉහළ දමා ඇති අතර ඒ අනුව පෙට්‍රල් කාර් සඳහා අය කෙරෙන මුළු බදු ප්‍රතිශතය 200‍% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.