ඇතැම් කිරිපිටි සමාගම් අනවසරයෙන් මිල ඉහළ දමා තිබෙනවා. රුපියල් විස්සත්, 50ත් අතර මුදලකට කිරිපිටි මිල එම සමාගම් විසින් ඉහළ දමා ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සනාථ කළා. මේ පිළිබඳ පැමිණිලි ලැබී ඇති බවයි පාරිභෝගික සේවා අධිකාරියද ප‍්‍රකාශ කරන්නේ. කිරිපිටි සමාගම් මිල ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා සිටියද මෙතෙක් ඊට අනුමැතිය හිමි වූයේ නැහැ.
ග‍්‍රෑම් 400ක් බරැති කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 15කින් ඉහළ නැංවීමටයි ඔවුන් අවසර ඉල්ලා සිටියේ. මිල ඉහළ නැංවීමට අවසර ලබා නොදුනහොත් කිරිපිටි ආනයනය නතර කරන බවට ඔවුන් අනතුරු අඟවා සිටියා. කෙසේ වෙතත් මිල සංශෝධනය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමේ අරමුණින් මිල පාලන කමිටුව අද රැස්වීමට නියමිතයි. කිරිපිටි සමාගම් පසුගිය කාලයේ ආනයනය කළ කිරිපිටි තොග පිළිබඳ වාර්තාවක්ද ලබාගත් බව සමුපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. කෙසේ වෙතත් අනවසර ලෙස මිල ඉහළ නැංවූ සමාගම් සොයා නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.2012-03-06
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.