2012-03-17

ෆොන්සේකාට තවත් නඩු?


සරත් ෆොන්සේකා මහතාට එරෙහිව හයිකොප් වංචාවට අදාලව චෝදනා පත‍්‍රය විභාගයට නොගෙන කොළඹ මහාධිකරණය මඟින් ඒ මහතා නිදහස් කිරීමත් සමඟ දෙවැනි යුධාධිකරණය මඟින් ඔහු වැරදිකරු කරමින් ලබා දී තිබූ සිර දඬුවම ගෙවීගොස් තිබෙනවා. හයිකොප් නඩුවෙන් නිදහස්ව යුධාධිකරණ දඬුවම ගෙවී අවසන්වුවද ෆොන්සේකා මහතාට සුදුකොඩි නඩුවට අදාලව 2011 නොවැම්බර් මස 18 වැනිදා කොළඹ මහාධිකරණය මඟින් පනවනු ලැබූ වසර 3ක සිර දඬුවමක් පවතිනවා.
 ඊට අමතරව හිටපු හමුදාපතිවරයාට එරෙහිව පැනගිය හමුදා සෙබලූන් සේවයට යොදා ගනිමින් ඔවුන් රාජපාක්‍ෂික භාවයෙන් හා නියමිත රාජකාරියෙන් ඉවත්කරවා ගැනීමට තැත්ත කරන ලදැයි තවත් නඩුවක් කොළඹ මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින අතර එහිදී ඒ මහතාගේ ලේකම් සේනකද සිල්වාට එරෙහිව ආධාර අනුබල සපයන ලදැයිද චෝදනා ගොනු කර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.