2012-03-17

බාල වයස් දැරියකට හදි කළ හිමි නමක් අත්අඩංගුවට


කුරුණෑගල, රිදියගම, කවිසිගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ වරදට ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම හිමි නම අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින්. සැකකාර හිමි නම අධිකරණයට ඉදිරිපත් කරන තුරු රඳවා තැබීමට රිදියගම පොලිස් ද්ථානයට භාරදී තිබෙනවා.
සැකකරු අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මාතර නූපේ ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ මාතර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් එහි කළමනාකරු හා තිදරු මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවටගෙන ඇත්තේ කරන්දෙණිය ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
අත්අඩංගුවට පත් ගණිකා නිවසේ කළමනාකරු මෙහි ගැණුම් කරුවන් දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් කාන්තාවන් සපයා ඇතැයි පොලිස් මූලික පරීක්‍ෂණවලින් හෙළිව තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.