2012-03-26

චරිත්ගේ දිවිය එකළු කළ සෙව්වන්දිය


යුද්ධයේදී දෙනෙත් හා දකුණු අතද අහිමිව ආබාධිතව සිටි හමුදා සෙබලෙකු යුගදිවියට එළඹීමේ අපූරු පුවතක් වාර්තා වනවා. විවාහ මංගල උත්සවය පැවැත්වුණේ ඊයේ (25) අනුරාධපුරයේ අභිමංසල නිකේතනයේදීයි. මෙසේ විවාහ දිවියට එළඹියේ ලාන්ස් කෝප‍්‍රල් චරිත් රණවීරයි. ඔහුගේ අතගත්තේ දහඅට හැවිරිදි වියේ පසු වූ සාවිත‍්‍රි සෙව්වන්දියි.

එල්.ටී.ටී.ඊ.ය විසින් කිලාලි කලපුව අසල අටවා තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් මීට වසර කිහිපයකට උඩදී ලාන්ස් කෝප‍්‍රල් චරිත්ගේ දැස මෙන්ම අතක්ද අහිමිව ගියේය. 
පසුව ඔහු රාගම රණවිරු සෙවණට වී දිවිගෙවමින් සිටියේය.
දිනක් ඔහු සුදු සැරයටියද රැගෙන රාගම නගරයට ආවේ මිහින්තලයේ පිහිටි තම ගමට යාමටය. ඒ මොහොතේ චරිත්ට සෙව්වන්දි අහම්බෙන් මුණ ගැසී තිබෙනවා. මුලින්ම දුරකතන අංක මාරු කරගනිමින් ආරම්භ කළ ගනුදෙනුව පසුව ආදරකින් ද ඉන්පසුව විවාහයෙන්ද කෙළවරවේ යැයි සිහිනෙනුදු නොසිතූ බව චරිත් පවසනවා. 
මෙම විවාහ උත්සවයට හමුදාපති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මංජුලිකා ජයසූරිය මහත්මියද සහභාගි වුණා.
නව යුවලට යුද හමුදාව සහ දානපතියන් එක්ව අංග සම්පූර්ණ නිවසක් හා මෝටර් රථයක්ද තෑගිදීමද සුවිශේෂ සිද්ධියක් වුණා.








No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.