2012-03-18

ශ්‍රී ලංකා නාවිකා හමුදාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්න


තමිල්නාඩු ධීවරයින් ශ්‍රී ලංකා නාවික හමුදාව අතින් විවිධ හිරිහැරවලට ලක්වන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් යළි ඉල්ලීමක් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ධීවරයින්ගේ ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා රජය සහතිකවුවද තමිල්නාඩු ධීවරයින්ට අඛණ්ඩව හිරිහැර සිදුවන බව අගමැති මන්මෝහන් සිං වෙත ලිපියක් යොමු කරමින් ජයරාම් මහත්මිය කියා සිටිනවා.

තමිල්නාඩු ධීවරයින්ට සිදුවන හිරිහැර ජාතික ප්‍රශ්නයක් ලෙස සලකා ‍ඉන්දීය රජය ක්‍රියා නොකිරීම පිළිබඳ තමා කණගාටුවන බවත් මෙම හිරිහැර යළි සිදුනොවන බවට ශ්‍රී ලංකා රජයෙන් සහතිකයක් ලබාගැනීමට කටයුතු කරන ලෙසත් ඇය ලිපිය මඟින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.