ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ඉන්දීයාව ගත යුතු ස්ථාවරය පිළිබඳ එරට පාර්ලිමේන්තුව හමුවේ විවාදයක් කැඳවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ඞී.එම්.කේ. පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ටී.ආර්. බාලූ එය ලෝක් සභාවේ කථානායක මීරා කුමාර්ට භාරදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන් අමෙරිකාව ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වනවා. ඊට ඉන්දීය රජය සහය දීම අත්‍යවශ්‍ය බවයි ටී.ආර්. බාලූ මහතා ප‍්‍රකාශ කර ඇත්තේ. එසේම මෙම විවාදයේදී ඉන්දීය ධීවරයින්ට එල්ල වන ප‍්‍රහාරයන් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡාවට ගත යුතුව ඇතැයිද ඔහු සඳහන් කර තිබෙනවා.2012-03-06
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.