2012-03-10

රනිලුත් එපා - සජිතුත් එපා


රනිල් වික‍්‍රමසිංහ,  සජිත් පේ‍්‍රමදාස යන දෙදෙනාටම පක්ෂග්‍රාහී නොවන ස්වාධීන දේශපාලන මණ්ඩලයක් යටතට එජාපයේ දේශපාලන කටයුතු පත්කරන ලෙස එජාප සම්මේලනයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.
එජාප නායකයාගේ මෙන් ම නියෝජ්‍ය නායකයාගේ ද නියෝජිතයින් මෙන් ම ස්වාධීන පුද්ගලයින් ද ඇතුළත් කොට මෙම දේශපාලන මණ්ඩලය සකස් විය යුතු බවටයි මේ වනවිට යෝජනා වී තිබෙන්නේ.

කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ කන්ද උඩරට තරුණ දේශපාලනඥයකු මේ සඳහා මූලිකව කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ. රනිල් – සජිත් ගැටුම උග්‍රවීම නිසා දෙදෙනාගේ රැස්වීම්වලට සහභාගිවීමේදී මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන් හා ප්‍රාදේශීය දේශපාලනඥයින් දැඩි අසීරුවකට පත්වන බැවින් එය වැළැක්වීම සඳහා ගත හැකි හොඳම පියවර පක්ෂයේ දේශපාලන කටයුතු ස්වාධීන දේශපාලන මණ්ඩලයක් යටතට පත් කිරීම බව මෙයට මුල් වී ක්‍රියාකරන පිරිස පවසනවා. කෘත්‍යාධිකාරි මණ්ඩල ඡන්දයෙන් තනතුරුවලට පත්වූ පිරිස් එලෙසම සිටිමින් පක්ෂයේ පරිපාලන කටයුතු සිදුකිරීම යෝග්‍ය බව මෙම යෝජනාවලිය මගින් පෙන්වා දීමට නියමිත බවද එම ආරංචි වැඩිදුරටත් පවසනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.