වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබාදී තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා විසින් අදාළ ස්ථාන මාරුව ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ.
ඒ අනුව පොලිස් මූලස්ථානයේ අපරාධ රථවාහන අංශයේ පුහුණුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පූජිත ජයසුන්දර මහතා පත් කර තිබෙනවා. ජයසුන්දර මහතාගේ ස්ථාන මාරුවෙන් පුරප්පාඩු වන වයඹ පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩබැලිම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පත් කර තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.