සරත් ෆොන්සේකා මහතා රටේ ඉදිරි නායකත්වයට සුදුසු පුද්ගලයෙකු නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. රටට අවශ්‍ය වන්නේ අධිරාජ්‍ය විරෝධී පාලකයෙක් බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේගඩීග ලාල්කාන්ත මහතා කියා සිටියි. ඊයේ පස්වරුවේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් කේ.ඩී. ලාල්කාන්ත මහතා ෆොන්සේකා මහතා නිදහස් කර ගත යුතු වුවද ඔහුව නිදහස් කර ගැනීමේ අරගලයේ ඉදිරියෙන්ම සිටින්නේ අමෙරිකාව බවද අවධාරණය කළේය.
මේ රට බේරාගැනීම සඳහා පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟිය යුතුව ඇති බවත් ධනපති විරෝධීන් සහ අධිරාජ්‍ය විරෝධීන් එකට එකතු කරන මධ්‍යස්ථානයක් අවශ්‍ය බවත් ලාල්කාන්ත මහතා සඳහන් කළේය. සිංහල - දෙමළ අලුත් අවුරුද්ද වෙනුවට සිංහල-දෙමළ-මුස්ලිම් අවුරුද්දක් රටට අවශ්‍ය බවත් සිංහල-දෙමළ සංස්කෘතිය වෙනුවට ශ්‍රී ලංකා සංස්කෘතියක් අවශ්‍යව ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.