බොරැල්ල වනාතේ ටී 20 වත්තේ දී අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන්ගෙන් 23 දෙනකු සම්බන්ධ පරික්‍ෂණ කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී තිබෙනවා. අනෙක් සැකකරුවන් දසදෙනා සම්බන්ධයෙන් පරික්‍ෂණ දෙමටගොඩ පොලිසිය මගින් ක‍්‍රියාත්මකයි. මෙම සැකකරුවන් 33 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ අලූයම ටී 20 වත්ත ප‍්‍රදේශයේ සිදුකළ හදිසි මෙහෙයුමකදියි. මෙම අත්අඩංගුවට ගැනිමට එරෙහිව අදාල තරුණයින්ගේ ඥාතීන් ඊයේ පස්වරුවේ බේස්ලයින් මාර්ගයේ දී විරෝධතාවක ද නිරත වුණා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙම ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවයි.
2012-04-22
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.