2012-04-19

තැපෑලෙන් ආ කුඩු ගැන රේගුවෙන් පරීක්ෂණ


බි‍්‍රතාන්‍යයේ සිට මෙරටට තැපෑලෙන් මත්කුඩු එවීමේ ජාවාරම පිළිබඳ පරීක්ෂණ මෙතෙක් තමන් යටතට පත්කර නොමැති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ තවදුරටත් එම පරීක්ෂණ ශී‍්‍ර ලංකා රේගුව මගින් සිදු කෙරෙන බවයි. මධ්‍යම තැපැල් හුවමාරුවට ශී‍්‍ර ලාංකිකයෙකුගේ නමින් පැමිණි පාර්සලයක් භාර ගැනීම සඳහා ඊයේ විදේශිකයෙකු එහි පැමිණියා. සඟරා කිහිපයක් අඩංගු බවට එහි දැක්වුණද පසුව අනාවරණය වූයේ ඒ තුළ මත්ද්‍රව්‍ය අඩංගු බවටයි. එහිදී පලායෑමට තැත් කළ සැක කටයුතු විදේශිකයා අත්ඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත්ව තිබෙනවා. තැපැල් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ මධ්‍යම තැපැල් කාර්යංශය තුළ ස්ථාපිත කර ඇති අධිතාක්ෂණික කැමරා පද්ධතියෙහි සිදුවීමට අදාළ වැදගත් දර්ශන රැසක් පටිගත වී ඇති බවයි. ඒ ඔස්සේ යමින් සිදුවීමට සම්බන්ධ තවත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා රේගුව කි‍්‍රයා කරමින් සිටින බවද එම නිලධාරියා කියා සිටියා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.