2012-04-22

කිසිදු අනුමැතියක් දී නැහැ


මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධව රෝහලක් ඉදිකිරීම සඳහා කිසිදු අනුමැතියක් ලබාදී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ රෝහලක් ඉදිකිරීම සම්බන්ධයෙන් එම ආයතනය විසින් මෙතෙක් ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බවයි. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධව රෝහලක් ඉදිකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇති බවට පසුගියදා වාර්තා පළවුණා. එහෙත්, එහි කිසිදු සත්‍යයක් නොමැති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ. පෞද්ගිලක රෝහලක් ඉදිකරන්නේ නම් ඊට සෞඛ්‍ය අමාත්‍යංශයේ පුද්ගලික රෝහල් සංවර්ධන අංශයෙන් අනුමැතිය ලබාගත යුතුයි. කෙසේවෙතත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සඳහා සායන කටයුතු පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉල්ලීමක් ඉදිරිපත්ව තිබෙනවා. එහෙත්, ඊට මෙතෙක් අවසරය ලබාදී නැහැ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.