2012-04-02

ශ්‍රීලනිපය කළ යුතු දේ මර්වින් කියයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යුත්තේ මට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කිරීම නොවෙයි. පක්ෂය වෙනුවෙන් මා කර ඇති කැපවීමට සම්මානයක් පිරිනැමීම යැයි ජපානයේ සිට “මව්බිම“ට විශේෂ ප්‍රකාශයක් කරමින් මහජන කටයුතු සහ මහජන උපයෝගීතා ඇමැති මර්වින් සිල්වා මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඔහු විසින් කර ඇතැයි කියන ප්‍රකාශයක් පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කොට තිබෙන බවට පළව ඇති පුවත පිළිබඳව “මව්බිම“ කළ විමසීමකදියි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේද කීවේය.
මගේ දැනුමේ හැටියට නම් මා කළ ප්‍රකාශය මගින් කිසිම විනය විරෝධී වැඩක් හෝ විනය කඩ කිරීමක් හෝ වුණාය කියලා මම නම් හිතන්නේ නැහැ. මේ ලෝකේ හැම දෙයක්ම රඳා පවතින්නේ විශ්වාසය මතයි. විශ්වාසය මත තමයි මේ ලෝකේ සියලු ආගම් පවා පවතින්නේ. ඩී.ඒ. රාජපක්ෂ පවුල කෙරෙහි මගේ තිබෙන විශ්වාසයත් ඒ වගේ. මගේ පළමු ඡන්දය පාවිච්චි කළෙත් රාජපක්ෂ පවුලට. අදත් එහෙමයි.
Source : Mawbima

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.