රුපියල් ලක්ෂ 15 බැගින් අයකර බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දුපතට යාමට තැත්කළ හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් අනවසරයෙන් විදෙස් ගත කිරීම මෙහෙයවූ බවට සැකකරන පුද්ගලයින් දෙදෙනකු ද කොටහේනේ ලැගුම්හලක් අසළදී අත් අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන මූලස්ථානය පවසනවා.
සැකකරුවන් යාපනය, විශ්වමඩු, කල්මුණේ පදිංචි කරුවන් වනවා. මොවුන් එල් ටී ටී ඊ සාමාජිකත්වය දැරූ අය බවද හෙළිව තිබෙනවා. පසුගිය 25 වැනිදා බෝට්ටුවක් පුරවා මේ ආකාරයෙන් පිරිසක් පිටත් කර ඇති බවටද පොලිසියට කරුණු හෙළිවී තිබෙනවා.
මෙහි මහා මොලකාරයන්වන පරම ශිවම් චන්ද කුමාර් ඉන්දන් රූපනාදන් යන අය අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරික්ෂණ පවත්වනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 10 වැනි දිනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.