2012-04-17

අයියාගේ වික්‍රමයෙන් නංගිගේ දිවි ගැලවේ


අඩි 70 ගැඹුරු අනාරක්ෂිත ළිඳකට වැටුණු නව හැවිරිදි නැගනිය බේරාගැනීමට 13 හැවිරිදි අයියා සමත් විය. නැඟනිය ළිඳට වැටී පළමුවරට උඩට මතු වන විටම ඇය බේරා ගැනීමට මේ පුංචි විරයට හැකි ව තිබෙනවා. සිද්ධිය වාර්තා වන්නේ හලාවත අතුවන ප්‍රදේශයෙනි.
සිංහල අවුරුදු දා නාන්ට ළිඟට ගිය අචිනි ධනංජය දැරිය ද ඇය බේරා ගැනීමට ළිඳ බට නිපුන් ධනංජය ද දිවි බේරා ගත්තේ මහා හාස්කමකින් යැයි වැඩිහිටියෝ පවසනවා.
මොවුන්ගේ පියා අජිත් පුෂ්ප කුමාර මහතා පෞද්ගලික බස් සේවකයෙකි. ඔවුන්ගේ මව දයානි අමරසේනයි. ඔවුනට දරුවෝ තිදෙනෙකි. වැඩිමහල් පුත් නිපුන් මහගම මහවිදුහලේ නවවැනි පන්තියේ ඉගෙනුම ලබනවා. අවුරුදු දා මව අවුරුද්දට සූදානම් වෙමින් සිටියේය. පියා සිය මෝටර් සයිකලයෙන් වෙළෙඳ පොළට ගොස් ඇත. දරු තිදෙනා මිදුලේ සෙල්ලම් කරමින් සිටි තිබෙනවා.
අචිනි ළිඳට ගොස් නාමින් සිටියදී ළිඳට වැටී තිබෙනවා. නිපුන් ඒ බව දැක ගැසා තිබෙනවා.  නංගී ළිඳට වැටුණු බව කියා මුළු වැර යොදා කෑ ගැසා ඇත. ඒ සමගම ළිඳේ කඹය අසල ගසක ගැට ගැසා තිබෙනවා.
නිපුන් වහා කඹේ දිගේ වහා ළිඳට බැස්සේය. පතුලක් නොපෙනෙන ළඳට වැටුණු නංගි ගිලෙමින් සිටි බව ඔහුට දැක ගන්නට හැකි වුවත්  ඔහු කලබලයට පත්ව නැත.
නංගී වැරෙන් අල්ලා ගත්තේය. දෙන්නාම කඹේ එල්ලී සිටියේය. ඒ සියල්ලටම මිනිත්තු 10ක් පමණ ගතවන්නට ඇත. නංගී බේරාගතත් කඹය දිගේ ගොඩට යන්නේ කෙසේදැයි නිපුන්ට ප්‍රශ්නයක් විය. ළිඳට බසින්නට පෙර ඔහුගේ කෑගැසීම ඇසුණු නෑයෝත් අවට වැසියෝ ඒ වන විට ළිඳ වටේ රැස්ව සිටියහ.
අතුවන නිමල්සිරි හේරත් මහතා නංගී ගොඩ ගන්නා හැටි නිපුන්ට කියා දුන්නේය.
නංගීගේ ඉන වටේ කඹය  ඔතා ගැට ගසන ලෙස ඔහු නිපුන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව ඔහු කඹය නංගිගේ ඉන වටේ බැන්දේය. නිපුන් ද දෑතින්ම කඹයේ එල්ලුනේය.  ළිං ගැට්ටේ සිටි ගැමියේ අඟළෙන් අඟට කඹය අදිමින දෙදෙනා ගොඩට ගත්තේය. වෙළෙඳ පොලට ගිය නිපුන්ගේ පියා ගෙදර එන විට දරුදෙන්නා ළිඳ ඇතුළේය. කළු ගලෙන් බැඳ ඇති මේ ළිඳට මෑතදී කිසිවකු බැස නැත.
වසර කිහිපයකට සැරයක් ළිඳ ඉසින නමුත් ළිඳට බැස වැඩි වේලාවක් සිටිය නොහැකි බව නිපුන්ගේ පියා පවසයි. හුස්ම ගැනීමට  ඇති අපහසුව ඊට හේතුවයි. ගොඩට ගත් වහාම අචිනි හලාවත රෝහලට රැගෙන යනු ලැබුවා.
වතුර පෙවී තිබු ඇය ප්‍රතිකාර ලබා ඊයේ (16) රෝහලෙන් පිටවී ගොස් තිබෙනවා.

























මූලාශ්‍රය - ලංකාදීප ඔන්ලයින්

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.