2012-04-14

ඉන්දියාව කනස්සල්ලෙන්


සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන් නිව්යෝර්ක් ගුවන් තොටුපොළකදී රඳවා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාව අමෙරිකාවට සිය කනස්සල්ල පළ කරනවා. විදේශ අමාත්‍ය එස්.එම්. කි‍්‍රෂ්ණා පෙන්වා දෙන්නේ අමෙරිකාවේ රඳවා ගැනීමේ ප‍්‍රතිපත්තිය සහ ඊට කනගාටුව පළ කිරීමට තවදුරටත් ඉඩ ලබාදිය නොහැකි බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන්ට නිල වශයෙන් විරෝධතාවක් ගොනු කරන ලෙස ඉන්දීය විදේශ අමාත්‍යවරයා අමෙරිකාවේ ඉන්දීය තානාපති නිරූපමා රා ඕට උපදෙස් ලබාදී තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දීය දේශපාලනඥයන් මෙන්ම බොලිවුඞ් නළු නිළියන්ද ෂාරුක් ඛාන්ට සහයෝගය පළකර ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. යේල් විශ්ව විද්‍යාලයේ දේශනයකට සහභාගි වීම සඳහා ෂාරුක් ඛාන් පෙරේදා අමෙරිකාව බලා පිටත්ව ගියා. නිව්යෝර්ක් ගුවන් තොටුපොළේදී මුහුණදීමට සිදු වූ තත්වය සම්බන්ධයෙන් ඔහු කනස්සල්ලට පත්ව සිටියද එය සිය දේශනයේදී පෙන්නුම් නොකළ බවයි ෂාරුක් ඛාන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ. 2009 වසරේදී ද අමෙරිකාවට ගිය අවස්ථාවේ ෂාරුක් ඛාන් ගුවන් තොටුපොළේ රඳවා ගනු ලැබුවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.