2012-04-19

ප්‍රේමදාසට රනිල් එරෙහි නැහැලු


සිය ආසන සංවිධායකයින් පේ‍්‍රමදාස ගුණ සමරුවට සහභාගි වීමෙන් වැළැක්වීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසනවා. විපක්ෂයේ නියෝජ්‍ය ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී. පෙරේරා මහතා මේ බව කියා සිටියේ සජිත් පේ‍්‍රමදාස පාර්ශ්වයෙන් එල්ල වූ චෝදනාවකට පිළිතුරු දෙමින්. සජිත් පාර්ශ්වය කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ කියා සිටියේ රනිල් වික‍්‍රමසිංහ මහතා ප්‍රේමදාස ගුණ සමරුවට නොයන ලෙස ආසන සංවිධායකවරුන්ට බලපෑම් කරන බවයි. එහෙත් එවැන්නක් සිදු කර නොමැති බව අජිත් පී. පෙරේරා මහතා අවධාරණය කළා. එහෙත් ඔහු කියා සිටියේ යාපනයේ පැවැත්වෙන මැයි දිනය සාර්ථක කර ගැනීම සඳහා ආසන සංවිධායකයින්ට උපදෙස් නිකුත් කිරීමක් පමණක් සිදු කර ඇති බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.