2012-04-19

පොලීසියේ තුනකගේ වැඩ තහනම්


අකුරැස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. රිය අනතුරක් සම්බන්ධයෙන් නිසි ලෙස රාජකාරී ඉටු නොකිරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මෙන්ම සැරයන්වරයෙකුද වැඩ තහනමට ලක් වූ නිලධාරීන්ට ඇතුළත්. කාන්තාවක් යතුරු පැදියක හැපී අනතුරට ලක් වූ අතර එය පදවා තිබුණේ අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයායි. එහෙත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙම නිලධාරීන්ට දින 26ක් ගත වී තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.