2012-04-14

කොල්ලකෑම් රැසකට සම්බන්ධ අයෙක් අ‍ත්අඩංගුවට


ගෙවල් බිඳුම් ඇතුළු කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු හලාවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2009 වසරේ දී හා 2012 වසරේ දී අදාළ සැකකරු විසින් මෙම කොල්ලකෑම් සිදුකර ඇති බව පොලිසිය පවසන්නේ. හලාවත නගරය, කාක්කපල්ලිය, මුන්නේෂ්වරමථ මයියක්කුලම යන ප්‍රදේශවල මොහු විසින් අදාළ සොරකම් සිදුකර ඇති බවට අනාවරණය ක‍ර ගෙන තිබෙනවා.
සැකකරු සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගැනීමත් සමඟ හලාවත ප්‍රදේශයේ සංගීත කණ්ඩායමක ශිල්පියෙකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව හලාවත පොලිසිය පවසනවා.
සැකකරු සොරා ගන්නා ලද රන් ආභරණ රැසක් හලාවත ප්‍රදේශයේ උගස් මධ්‍යස්ථානවලට අලෙවි කර ඇති බවත් එම භාණ්ඩ සිය භාරයට ගැනීම සඳහා අධිකරණයේ සහය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවත් පොලිසිය පැවසුවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.