2012-04-18

දිමුතු ආටිගල ගැන විශේෂ පොලිස් පරීක්ෂණ


ජන අරගල ව්‍යාපාරයේ ක‍්‍රියාකාරිනියක වන දිමුතු ආටිගල මෙනවිය පැහැරගෙන යාම පිළිබඳව විශේෂ පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා. අපේ‍්‍රල් මස 06 වැනිදා දිමුතු ආටිගල අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලත් අපේ‍්‍රල් මස 10 වැනිදා ඇය මුදා හැර ඇති බවට ලද තොරතුරත් අනුව ඇයගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමටද පොලීසිය මේ වන විට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටියා.
ඇය විසින් ලබාදුන් තොරතුරු අනුව ඇය පැහැරගත් අය සහ වාහන පිළිබඳව සොයා ගැනීමට විශේෂ පරීක්‍ෂණ කණ්ඩායමක් විසින් කටයුතු සිදු කරන බවත් ඇය පවසන ආකාරයට පැහැරගත් අය ඇයට පහර දී  දෑත් දෙපාවලට මාංචු දා තිබුනාද යන්න පිළිබඳවත් පරීක්‍ෂ කරන බව ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.