එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කරු ජයසූරිය සහ දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා අතර සාකච්ඡාවක් ඊයේ රාති‍්‍රයේ පැවැත්වුණා. දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ කරු ජයසූරිය මහතාගේ නිවසේදී සාකච්ඡාව පැවැති බවයි. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටලූ සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. කරු ජයසූරිය මහතා, සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශ්වය නියෝජනය කරන්නෙක්. එක්සත් ජාතික පක්ෂය යාපනයේදී සංවිධාන කළ මැයි දින සැමරුමටද කරු ජයසූරිය මහතා සහභාගි වූයේ නැහැ. ඔහු සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව කොළඹ පැවැති පේ‍්‍රමදාස ගුණ සමරුවට සහභාගි වුණා. මෙම කරුණු සම්බන්ධයෙන්ද කරු ජයසූරිය සහ ආර්. සම්බන්ධන් යන මහත්වරුන් ඊයේ රාති‍්‍රයේ සාකච්ඡා කළ බවයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ. රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව ඉදිරියේදී දේශපාලන කටයුතු සිදු කරන්නැයි ආර්. සම්බන්ධන් මහතා කරු ජයසූරිය මහතාගෙන් මෙහිදී ඉල්ලා ඇති බවද වාර්තා වනවා.
2012-05-11
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.