2012-05-12

අවුරුදු සියයකට කලින් නැති වූ ගෙම්බා හමුවෙයි


වසර 100කට පෙර මෙරටින් තුරන් වී ගිය බවට සැකකළ ගෙඹි විශේෂයක් යළිත් වතාවක් සොයාගෙන තිබෙනවා. කැලණිය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඒකකයේ සත්ව විද්‍යාඥ මනමේන්ද්‍ර මහතා ඇතුලු පිරිසක් විසින් මෙම සොයා ගැනීම සිදු කර තිබේ. මෙම ගෙඹි විශේෂය මීට වසර 100කට පෙරදී මෙරට සිටි බවට අවසන් වරට වාර්තා වී ඇත්තේ 1913දී වන අතර ඒ විදේශිකයකු වන ‘‘ආනන්ඩේල්‘‘ නමැත්තාටය. ඉන්පසු කිසිවිටෙක මෙම ගෙඹි විශේෂය වාර්තා වී නැත.
පසුගිය දිනක ආගරපතන ප්‍රදේශයෙන් නැවත මේ ගෙඹි විශේෂය පිළිබඳව සොයාගෙන ඇති අතර Pseudophilautus Semiruber ලෙස උන් නම් කර තිබේ.
මේ වන විට මෙම ගෙඹි විශේෂය සම්බන්ධයෙන් කැලුම් මනමේන්ද්‍ර මහතා හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ ආචාර්ය මාධව මීගස්කුඹුර මහතා පර්යේෂණ පවත්වමින් සිටිති.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.