වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරින් සිව්දෙනෙකු ස්ථාන මාරු කර තිබෙනවා. සේවා අවශ්‍යතා අනුව මෙම මාරුවීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසනවා. මැදගම පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක K.K.S.P. ප්රදිනැන්දෝ මහතා එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙසත්, කඩවත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක R.A.S.B. මගලේගොඩ මහතා ගම්පහ මූලස්ථාන පොලිසිය වෙතත් මාරු කර යවා තිබෙනවා.
කළුතර පොලිස් විද්‍යාලයේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එස් වික්‍රමසිංහ මහතා කඩවත පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත්, උඩුගම පොලිස් ස්ථානාධිපති ලෙස සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.පී විජේවික්‍රම මහතා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙතත් මාරු කොට යවා තිබෙන අනෙක් දෙදෙනායි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.