සිංහල රාවය ජාතික සංවිධානයේ රත්නපුර දිස්ත්රික් සභාපති හා පැල්මඩුල්ල ප්රාදේශීය සභා මන්ත්රී බෝවත්තේ ඉන්දරතන හිමියන් ඝාතනය කිරීම සදහා අද අලූයම මැරවරයන් පිරිසක් උන්වහන්සේගේ පැල්මඩුල්ල පොරෝනුව විහාරස්ථානයට පැමිණ ඇති බව කහවත්ත පොලීසිය පවසනවා.
මැර පිරිස විසින් උන්වහන්සේගේ ආවාස ගෙය වට කොට ඇති අතර ඇතමෙක් වහලය මතින් ආවාසගෙයට පිවිසීමට උත්සහා දරා තිබෙනවා. තවත් කිහිපදෙනෙකු දොරටුව විවෘත කරවා ගැනීමටද යත්න දරාතිබෙනවා. ඒ වන විට අදාළ ආවාස ගෙහි වැඩ සිට ඇත්තේ උන්වහන්සේ පමණි.
කෙටි පණිවුඩ මගින් උන්වහන්සේ තම හිතවතුන් දැනුවත් කිරීමෙන් අනතුරුව කහවත්ත පොලීසියට අදාළ සිද්ධිය සැල වීමත් සමග පොලිසිය හා ගම්වාසින් ඒකරාශි වන විට සමීපයේ පිහිටි තේ වත්තක් හරහා මැරවරයන් පළා ගොස් ඇති බව වාර්තා වනවා.
බෝවත්තේ ඉන්දරතන හිමිපාණන් වහන්සේ පසුගිය කාලයේදී දැඩි කතාබහට ලක්වන චරිතයක් බවට පත් වූයේ ගව ඝාතනයට එරෙහිව දැඩිව නැගී සිටිම හේතුවෙනිග උන් වහන්සේ සිංහල රාවය ජාතික සංවිධානයේ රත්නපුර දිස්ත්රික් සභාපතිද වනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.