2012-05-14

NSB සභාපති ඉල්ලා අස්වෙයි?


බංකොලොත්වී තිබෙන ද ෆිනැන්ස් සමාගමේ කොටස් මිලියන 7.8ක් වෙලඳපළ වටිනාකම ඉක්මවා ගිය මිලකට ගැනීම නිසා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඇතිවී තිබෙන අර්බුදයේ වගකීම භාරගෙන ඉල්ලා අස්වීමට එහි සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා  කැමැත්ත පළකර ඇතැයි ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තා වනවා. සභාපතිවරයාගේ අනුදැනුමෙන් පිට මෙම වංචාව සිදුවී තිබෙන නමුත් මෙම වංචාවේ වගකීම බාරගැනීමට ප්‍රදීප් කාරියවසම් මහතා තීරණය කර ඇති බව  එම ආරංචිමාර්ග සදහන් කරනවා. 
මෙම ගනුදෙනුවෙන් බැංකුවට රුපියල් කෝටි 39ක පාඩුවක් සිදුවී ඇති අතර  මේ නිසා තැන්පත්කරුවන්ගේ විශ්වාසය බිඳවැටී තැන්පත් ආපසු ලබාගැනීමට පෙළඹවී ඇතිබවත් වාර්තා වේ. මේ වන විට ඉතිරිකිරීමේ බැංකුව වෙනුවෙන් ද ෆිනෑන්ස්  සමාගමට මුදල් ගෙවන ලද සම්පත් බැංකුව බරපතල තත්වයකට මුහුණ දී සිටින බවද වාර්තා වනවා. එමෙන්ම මුළු බැංකු පද්ධතියම කම්පණයකට පත්වී ඇතිබව අනාවරණය ‍වනවා.
උපුටා ගැනීම ශ්‍රීලන්කන්මිරර්.කොම්

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.