2012-05-14

තරුණියක් ගිනි තබා ඝාතනය කළ සැකකරු අල්ලයි


කටුනායක වෙරළ බඩ පාර ප‍්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටි කාන්තාවක් පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පෙරේදා පසුගිය 12 වනදා මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ  26 හැවිරිදි පී.එච්.එච්. ඉරේෂා සදමාලි නමැති තැනැත්තියකි. 
මියයාමට ප‍්‍රථම තුවාලකාරිය ගෙන් ගත් මුල් කටඋත්තරයේ සඳහන් වන්නේ නිවසේ භූමිතෙල් ලිප වැටීමෙන් ඇය පිළිස්සී ඇති බවයි. පොලිසිය පසුව ඇගෙන් කටඋත්තරයක් ලබාගෙන ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ දැනට මාස 10ක පමණ කාලයක සිට පුද්ගලයෙකු සමග සිද්ධිය වූ ස්ථානයේ තමන් තාවකාලිකව පදිංචි ස්ට්න බවත්  මෙම පිළිස්සීම සිදුවූයේ ආරවුලක් හේතුවෙන් එම පුද්ගලයා විසින් ලාම්පු තෙල් ලිපේ තෙල් තමන්ගේ ශරීරයට හලා ගිනි තැබීම නිසා බව පවසා ඇත.
සිද්ධියෙන් සැකකරුද පිළිස්සුම් තුවාල ලබා ඇති අතර ඔහු රාගම රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 34 හැවිරිදි ආණමඩුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයිග

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.