ගණේමුල්ල බුළුගහගොඩ ප්රදේශයේ නිවසක දුරස්ථ පාලකයෙන් ක්රියාත්මක වන ගේට්ටුවකට සිරවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කහවත්ත පෝරණුවත්ත ප්රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය පවසනවා. එම පුද්ගලයා මෙම නිවසේ මුරකරු ලෙස සේවය කළ අයෙක් බවද පොලීසිය පවසනවා.
අදාළ පුද්ගලයාගේ ගෙල දොරටුවට සිරවීමෙන් මරණය සිදුව ඇති බව පොලිසිය සඳහන් කරනවා. අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ වෙනත් කිසිවෙකුත් සිට නොමැති අතර මරණය සම්බන්ධයෙන් පොලීසියට වාර්තා වී ඇත්තේ අද උදෑසනයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.