2012-07-25

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් එන්නත් විඳින්න බැහැ කියයි


පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දිවයින පුරා එන්නත් කටයුතුවලින් ඉවත් වී තිබෙනවා. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසුවේ ඉල්ලීම් 3ක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹි බවයි.
නිල ඇදුම් දීමනාව හා කාර්යාල දීමනාව ඉහළ නැංවීම සහ ඉන්ධන දීමනාවක් ලබාදීම එම ඉල්ලීම්  වනවා. කොඩිතුවක්කු මහත්මිය පැවසුවේ විවිධ අවස්ථාවලදී ගැටලුව පිළිබදව බලධාරින්ගේ අවධානයට යොමු කළ ද නිසි විසදුම් නොලැබුණු බවයි.
‍පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබදව අප සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව ඔවුන් දැනුම්දීමක් කර ඇති බවයි.
ඔවුන්ගේ ඉල්ලීම් සදහා මුදල් වෙන් කිරිමට සිදුවන්නේ මහා භාණ්ඩාගාරයෙන් බැවින් මහාභාණ්ඩාගරය සමග සාකච්ඡා කර අදාළ ගැටලුවලට විසදුම් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරත් පැවසුවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.