2012-07-21

නැගෙනහිර මහ ඇමැතිගෙන් නැගෙනහිර සිංහල ජනතාවට චෝදනාවක්


යුද්ධය පැවති සමයේ ඉඩම් විකුණා දැමූ සිංහලයන් දැන් නැගෙනහිර ඉඩම් අයිතිය කියන්න එන්නේ යයි නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පවසයි.
ඔහු මෙසේ පවසා ඇත්තේ මඩකලපුව ප‍්‍රදේශයේදී පැවති පුවත් පත් සාකච්ඡාවකදීය.
ඔහු එහිදී මෙසේද පවසා තිබෙනවා. 
''මේ පැත්තේ මිනිස්සුන්ට ප‍්‍රශ්න තියෙනවා. ඒවා පොඩි පොඩි ප‍්‍රශ්න. මේ පොඩි පොඩි ප‍්‍රශ්න ආණ්ඩු පක්‍ෂය විසඳන්න  ඕනෑ. මේ මැතිවරණයෙන් ආණ්ඩු පක්‍ෂය දිනනවා. අනිවාර්යෙන්ම දිනනවා.
මේ පැත්තෙ සිංහල, මුස්ලිම් අයටත් ප‍්‍රශ්න තියෙනවා. ලොකුම ප‍්‍රශ්නය සිංහලයන්ට තියෙන අධ්‍යාපනය, වතුර අපි ඒවා විසඳනවා.
ඔය කියන ඉඩම් ප‍්‍රශ්නය. ඒ ගොල්ලො යුද්දෙ කාලෙ ඉඩම් වික්කා. විකුණලා සල්ලි ගත්තා. දැන් අයිතිය කියනවා. ඒවා නීති ප‍්‍රශ්ණ. දිස්ත‍්‍රික් ලේකම් ඒවා විසඳාවි.
මහ ඇමති විදිහට අපි නැගෙනහිර හැමෝටම එකම විදිහට සලකනවා. සිංහලල දෙමළල මුස්ලිම් හැමෝම එකයි අපට."
Source : Lankacnews

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.