2012-07-10

අමාත්‍යාංශ කිහිපයකට නව ලේකම්වරු.....


අමාත්‍යාංශ කිහිපයක් සඳහා ඉදිරි දින කිහිපය තුළ නව ලේකම්වරුන් පත්කිරීමට නියමිත බව වාර්තා වනවා. අමාත්‍යාංශ 10 ට ආසන්න සංඛ්‍යාවක ලේකම්වරුන් පත්කිරීමට නියමිත අතර ඊට අදාළ කටයුතු මේ දිනවල සිදුවන බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සඳහන් කළේය. අමාත්‍යාංශවල සිටින ලේකම්වරුන්ගේ ධුර කාලය අවසන් වීම සහ දැනට පුරප්පාඩු වී ඇති අමාත්‍යාංශ ලේකම් ධුර කිහිපයක් සඳහා මෙම පත්කිරීම් සිදුකිරීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් සිවිල් ගුවන් සේවා, ‍සංස්කෘතික හා කලා කටයුතු, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු, සමාජ සේවාල සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු,  කර්මාන්ත හා වාණිජ කටයුතුල යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන, ක්‍රීඩාල මහජන කටයුතු හා මහජන සම්බන්ධතා, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා යන අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරුන් පත්කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.