2012-08-24

වැලිකඩ හිරගෙදර නියාමකගේ ලාච්චුවේ කුඩු පැකට් 350ක්


මත්කුඩු පැකට් 350ක් හා ජංගම දුරකථන දෙකක් ඇතුළු තහනම් භාණ්ඩ රැසක් සමග වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයකු එහි බුද්ධි ආරක්ෂක අංශය මගින් ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර නියාමකවරයා නවාතැන් ගෙන සිටි වැලිකඩ බන්ධනාගාරයේ නිවාසයක ඔහුට අයත් කබඩ් එකක තිබී මේ භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඒ අතර සිගරැට් හා බීඩි පැකට් කිහිපයක් ඇතුළු තහනම් භාණ්ඩ තිබී ඇත. බන්ධනාගාර බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මේ භාණ්ඩ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවත් බන්ධනාගාර නියාමකවරයා හා මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී ඇති බවත් එහි ප්‍රකාශකයෙක් පැවසීය. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.