2012-08-24

නියෝජ්‍ය ඇමැති ලේකම් රැකියා දෙන්න ලක්ෂ 6ක් අරන් රිමාන්ඩ්


අධිකරණ කොමිසන් සභාවේ කළමනාකාර සහකාර ශ්‍රේණියේ රැකියා සපයන බවට පොරොන්දු වී මාතලේ ප්‍රදේශයේ තරුණ තරුණියන් කීප දෙනෙකුගෙන් රුපියල් පන් ලක්ෂ හැත්තෑ දහසක මුදල් වංචා කළැයි ගම්පහ ප්‍රදේශයේ නියෝජ්‍ය ඇමැතිවරයකුගේ ලේකම්වරයකු බව කියන අයෙකු සැප්තැම්බර් මස 5 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට මාතලේ මහේස්ත්‍රාත් සහ අතිරේක දිසාවිනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය ඊයේ (23) නියෝග කළා.
මෙසේ රිමාන්ඩ් භාරයට පත්වූයේ ගණේමුල්ල ගල්හිටියාව අංක 252-සී හි පදිංචි පෙරමුණේ රාළලාගේ උපුල් දේශප්‍රිය බණ්ඩාර නමැති අයෙකි.
මාතලේ මූලස්ථාන පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ගයාන් ගුණවර්ධන මහතා විසින් සැකකරු සම්බන්ධයෙන් මෙදින බී වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කරන ලදී. සිය ලිපිනය ලෙස නිට්ටඹුව, හොරගොල්ල පාර, පළමු පටුමග, අංක 119 දරණ නිවසෙ සැකකරු විසින් ලබාදී තිබෙන බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.