- පවුම් පන් දහසක ඇපයක්
එංගලන්තයේ සංචාරයකට ගිය බස්නාහිර පළාතේ හිටපු මන්ත්‍රීවරයෙක් කාන්තා අතවර සිද්ධියක් සම්බන්ධයෙන් එරට උසාවියක නඩුවකට පැටලවී සිටිනවා.
හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයකු ද වන මොහු සිය එංගලන්ත සංචාරයේදී කාය සංවර්ධන මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවකදී එහි සම්බාහන අංශයටද ගොස් ඇත. ඔහු එහිදී සම්බාහනයකට භාජනය වෙමින් සිටියදී එම සේවාව ඉටු කරමින් සිටි තරුණියකට අතරවයක් සිදු කිරීමට උත්සාහ දැරූ බවට එම තරුණිය පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය මොහුට එරෙහිව විම්බල්ඩන් උසාවියේ නඩුවක් පවරා ඇත. තරුණියකට අතවර කිරීමේ චෝදනාව මත මෙම නඩුව පවරා ඇති බවද වාර්තා වනවා.
තරුණියකට අතවර කිරීමේ චෝදනාව මත පැවරූ මෙම නඩුව විභාග වූ මුල් දිනයේ උසාවියේ පෙනී සිටි හිටපු මන්ත්‍රීවරයා තමා චෝදනාවට නිවැරදිකරු බව කියා සිටියෙන් පවුම් පන්දහසක (ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 13කි) ඇපයක් මත ඔහු මුදාහළ අධිකරණය නඩු විභාගය ඔක්තෝබර් මස 29 වැනිදාට කල්තැබීය.
එංගලන්තයට පැමිණීම සඳහා බහු වීසා බලපත්‍රයක් දරණ විත්තිකරුට ශ්‍රී ලංකාවට ආපසු යාමට අධිකරණය අවසරදී ඇත.
කෙසේ වෙතත් නඩුවෙන් වරදකරු වුවහොත් ඔහුට අවුරුදු තුනකට වැඩි කාලයක් එංගලන්තයේ සිරබත් කන්නට සිදුවනු ඇත.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.