2012-08-07

SMS මගින් කතුන් රැවටූ තිදෙනා අත්අඩංගුවට


අකුරැස්ස ප්‍රදේශයේ කාන්තාවන් 40 දෙනෙකුට SMS මගින් රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා මූලික ගාස්තුව වශයෙන් රුපියල් 2500 බැගින් රැගෙන ලෙනගම-දීගල කනිටු විදුහලට එන ලෙස කැඳවීමක් කල පුද්ගලයින් තිදෙනෙකු කැබ් රථයක් ද සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කලේ මෙම සැකකරුවන්ගේ ප්‍රධානියා තාක්ෂණික සහ වෘතීය අධ්‍යාපන කොමිසමේ නිපුනතා සංවර්ධන පදනම මගින් මැහුම් පාඨමාලා පවත්වාගෙන යාමට පමණක් අනුමැතිය ලබාගත් අයෙකු බව හෙළිවී ඇති බවයි. සැකකරුවන් සන්තකයේ තිබු ව්‍යාජ රබර් මුද්‍රා දෙකක් ද ලිපි ලේඛන 4 ක් ද මෙහිදී පොලිසිය භාරයට ගෙන ඇත.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.