හෙරොයින් මිලිග්රෑම් 540ක් අඩංගු පැකට් 27ක් ඉණේ සඟවාගෙන සාරියකින් වසාගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් ගුවන් සේවිකාව ලබන 21 වනදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (07) නියෝග කළා. වැල්ලවත්ත පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් රාජගිරිය, කලපලුවාව, රංගිලි පෙදෙසේ පදිංචි 29 හැවිරිදි සුරූපි තරුණියක එලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. අධිකරණයේ නියෝග පරිදි සැකකාර ගුවන් සේවිකාවගෙන් රහස් පොලීසිය විසින් දීර්ඝ වේලාවක් ප්රකාශ ලබාගනු ලැබීය. ඉකුත් 03 වැනි දින මෙම සැකකාරිය ඇයගේ යෙහෙළියකද සමග මෝටර් රථයකින් වැල්ලවත්ත පාමංකඩ හන්දිය ඔස්සේ ගමන් කරමින් සිටියදී පොලීසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබෙන අතර එහිදි සැකකාරිය ඇඳ සිටි සාරියේ ගැට ගසා ඉණේ සඟවා තිබූ හෙරොයින් පැකට් 27ක් සොයා ගැනීමට වැල්ලවත්ත පොලීසියේ කාන්තා පොලිස් නිලධාරීන් සමත්ව තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයා ඉදිරියේ කෙරුණු ප්රශ්නකිරීම්වලදී ඇය පවසා ඇත්තේ තමන් හොරෙයින් කුඩු පැකට් 27 ළඟ තබා ගත්තේ හොරෙයින් භාවිතයට පුරුදු ව සිටි නිසා තමාගේම ප්රයෝජනයට බවයි.
මිහින් ලංකා ගුවන් සේවයේ ගුවන් සේවිකාවක වන රොසෙල් බගර් ඈන් නමැත්තියගේ සාරියෙහි ඉණේ සඟවා තිබියදීයි වැල්ලවත්ත පොලීසියේ කාන්තා පොලිස් නිලධාරිණියන් විසින් මෙම හොරෙයින් පැකට් අත්අඩංගුවට ගැනුණේ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි වැල්ලවත්ත පොලීසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් අධිකරණයට කියා සිටියේ සැකකාරිය හෙරොයින්වලට ඇබ්බැහි වී ඇති බවත් ඇය පුනරුත්ථාපනයට යොමු කළ යුතු බවත්ය. සැකකාරිය සමග ගමන් ගත් ක්රිෂ්ණා රංජනී නම් අනෙක් කාන්තාව ඇප මත මුදාහැර තිබෙනවා. රොසෙල් බගර් ඈන් නමැති ගුවන් සේවිකාව අගෝස්තු මස 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.