2012-09-20

ප්‍රවාහන ඇමැතිටත් නඩු - බස් හිමියන්ටත් නඩු - බස් මගීන්ට බඩු


බස්නාහිර පළාත් ප‍්‍රවාහන අමාත්‍ය උපාලි කොඩිකාර මහතාට එරෙහිව ඉදිරි සතියේදී නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප‍්‍රකාශ කළේ අමාත්‍යවරයා  අලූත්ගම සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන බස් රථයකට ව්‍යාජ බලපත‍්‍රයක් නිකුත් කර ඇති බවයි. ඊට විරෝධය පළ කරමින් බණ්ඩාරගම ප‍්‍රදේශයේ පෞද්ගලික බස් රථ පසුගිය අඟහරුවාදා සිටි වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. කළුතර දිස්ති‍්‍රක්කයේ සියලූම පෞද්ගලික බස් රථද මේ වන විට වර්ජනයට එක්ව සිටිනවා. විසඳුමක් ලබාදීමට ප‍්‍රවාහන අමාත්‍යවරයා කටයුතු නොකරන්නේ නම් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි ගැමුණු විජේරත්න මහතා ප‍්‍රකාශ කළේ.
මේ පිළිබඳ බස්නාහිර පළාත් ප‍්‍රවාහන අමාත්‍ය උපාලි කොඩිකාර මහතාගෙන්ද අප විමසීමක් කළා. ඔහු පැවසුවේ ව්‍යාජ බලපත‍්‍ර කිසිවක් නිකුත් කර නොමැති බවයි. වර්ජනයේ නිරත පෞද්ගලික බස් සේවකයන්ට එරෙහිව තමන්ද නීතිමය කි‍්‍රයාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.