ජගත් කි‍්‍රකට් කවුන්සිලයේ නිල ලාංඡනය සහිත ව්‍යාජ ටී ෂර්ට් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු පිටකොටුව ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුනා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට එක්වන රටවල ටී ෂර්ට් 70ක් සැකකරු සතුව තිබී සොයා ගත් බවයි. මෙම ටී ෂර්ට් තොගය බොරලැස්ගමුවේදී නිෂ්පාදනය කර ඇති බව විමර්ශනවලදී හෙළිව තිබෙනවා. සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් පස්දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවා.
2012-09-20
ICC T-Shirt හොරෙන් ළඟ තියන් මාට්ටු වෙයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.