2012-09-19

කප්රුක බිම හෙලූ ප්‍රධාන සැකකරු මාට්ටු


ගම්පහ කප්රුක ව්‍යාපාරයේ හිමිකරු ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරු පොලීසිය විසින් අද අත්අඩංගුවට ගැනුනා. එම ඝාතනය සිදු වුණේ ඉකුත් ජූලි මස 13 වැනිදායි. ව්‍යාපාරික ස්ථානයේදීම තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සිදු කර සිරුර ගම්පහ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය පිටුපස සඟවා තිබුණේ යැයි විමර්ශනවලින් හෙළි වුණා. ඝාතනයට හේතුව ව්‍යාපාරික ස්ථානයේ සවිකර තිබූ රහසිගත කැමරාවලින් කාන්තාවන්ගේ ඡායාරූප ලබා ගැනීම බවයි වැඩිදුරටත් හෙළි වුණේ. අත්අඩංගුවට ගැනුනු සැකකරු ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.