2012-09-19

රාජපක්ෂ පවුලට කිට්ටු නිසා මගේ දරුවන් දඬුවම් විඳිනවා - ඇමැති මර්වින්


රාජපක්ෂ පවුල සමඟ මා ළඟින් සිටිනවා යැයි ප්‍රචාරය වීම මට තිබෙන එකම නුසුදුසුකම නිසා මගේ දරුවන්ට දඬුවම් විඳින්නට සිදුවී තිබෙනවා යැයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසනවා. සිය පුත් මාලක සිල්වා රිමාන්ඩ් බාරයට පත්වීම සම්බන්ධයෙන් ඇමැතිවරයා ඉහත සඳහන් ප්‍රකාශය කළේය.
ඇමැතිවරයා එහිදී මෙසේද පැවසීය. මම බෙලිඅත්ත ආසනයේ ගොඩේ පවුලක සාමාජිකයෙක් වෙලා උපන් අයෙක්. අතිගරු ජනාධිපතිතුමා මගේ දේශපාලන ඉතිහාසය හොඳින් දන්නා නිසා මට කැබිනට් ඇමැතිකමක් දුන්නා. ඉතින් ජනාධිපතිතුමා මට හිතවත් කියලත් විශාල ප්‍රචාරයක් හැම තැනම තියෙනවා. මගේ දරුවා රිමාන්ඩ් බාරයට යන්න සිද්ධ වුණෙත් මේ ප්‍රචාරයම වෙන්නත් ඇති කියල මට හිතෙනවා. මගේ තිබෙන නුසුදුසුකම රාජපක්‍ෂ පවුල සමඟ ළඟින් සිටිනවා යැයි ප්‍රචාරය වීමත් බෙලිඅත්ත වැනි ඈත ගමකින් දේශපාලනයට ඒමත් නිසා ඇති වූවක් යැයි මම විශ්වාස කරනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.