පානදුර - බෙක්කෙගම ප්‍රදේශයේ කාලයක සිට පවත්වාගෙන ගිය නව මාදිලියේ ගණිකා නිවසක් වැටලූ වලාන දූෂණ මර්දන අංශය එහි සිටි සතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් දිනකට ගණිකා වෘත්තියේ යෙදෙන්නේ එක් කාන්තාවකි. කාමරයට රු. 1000ක් සහ කාන්තාවට 3000ක් ගෙවිය යුතුය. හෝටල් හිමියා කාන්තාව ගෙන්වා ගෙන අවශ්‍ය පොත්පත්වල සටහන් තබා ඒ කාන්තාව සමඟ එකට ගත කරයි. ඊට පසු පැමිණෙන අයට කාමරයක් වෙන් කළ පසු ඒ කාමරයට මේ කාන්තාව යවයි. දිනකට කී දෙනෙක් පැමිණියත් ගණිකා වෘත්තියේ යෙදෙන්නේ මේ කාන්තාව පමණය.
බෙක්කෙගම ප්‍රදේශයේ තෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවසේ හෝටලයේ හිමිකරු කළමනාකරු ගෝමරන්කඩවල පදිංචි යැයි කියන 32 හැවිරිදි කාන්තාව සහ ත්‍රිරෝද රථ රියැදුරුවරයෙක් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා පානදුර දකුණ පොලිසියට භාරදී තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.