2012 වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛනය දෙසැම්බර් මස 31 වැනි දිනට පෙර නිකුත් කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. එහි ප්රකාශකයෙකු පැවසුවේ අදාළ වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය නිකුත් කිරීම මීට පෙර වර්ෂවලදී ප්රමාද වූ බවයි. බොහෝ විට එය අදාළ වර්ෂයේ මැයි මාසයේදී ප්රකාශයට පත් කෙරුණා. එහෙත් මේ වසරේදී එය කඩිනමින් ඉදිරිපත් කරන බවයි මැතිවරණ මහලේකම් කාර්යාල ප්රකාශකයා පැවසුවේ. නාමලේඛනය සැලකීමේ පළමු අදියරේ කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා. ඊට අදාළ අභියාචනා ඉදිරිපත් කිරීමට මේ මස 31 වැනිදා දක්වා කාලය ලබාදී ඇති බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය ප්රකාශ කළේ.
2012-10-23
ඡන්ද හිමි නාම ලේඛනය දෙසැම්බර් 31ට පෙර - අභියාචනා භාර ගැනීම ඔක්. 31 දක්වා
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.